IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සේවයෙන් පහ කළ දුම්රිය රියැදුරා වසර 4ක් පඩිත් දී විශ්‍රාම ගන්වලා

(රෝෂන් තුෂාර)

කොළඹ - මහනුවර සීඝ්‍රගාමී දුම්රියක් ගණේමුල්ලේ දී අනතුරකට ලක්කර රජයට රුපියල් ලක්ෂ 93ක පාඩුවක් සිදු කළේ යැයි වසර හතක් විනය පරීක්ෂණ පවත්වා සේවයෙන් පහ කිරීමේ නිවේදනද නිකුත් කර ඇති දුම්රිය රියදුරු තවත් වසර හතරක් සේවයේ තබාගෙන වැටුප් අතිකාලද ගෙවා සුවසේ විශ්‍රාමගන්වා ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද (03) පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය එලෙසම තිබියදී ,රජයට පාඩු කළ රියදුරකු තවදුරටත් සේවයේ යොදා ගනිමින් යළි යළිත් දුම්රියට පාඩු සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇති බවට හිටපු දුම්රිය සාමාන්‍යධිකාරී එස්.එම්.අබේවික්‍රම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම එසේ පැවසීය.

2008 සැප්තැම්බර් 29 වැනි දින කොළඹ මහනුවර සීඝ්‍රගාමී දුම්රිය ගනේමුල්ලේදී අනතුරට ලක් කර රජයට රුපියල් ලක්ෂ හැත්තෑ හතක සහ සේවය අත්හිටුවීමෙන් පසුව තවත් දුම්රිය අනතුරක් සිදුකර රුපියල් ලක්ෂ දාසයක පාඩුවක් සිදු කළේ යැයි විනය පරීක්ෂණ පවත්වා සේවයෙන් පහකළ දුම්රිය රියදුරු අයි. එක්.කේ දිසානායක සේවයේ තබා ගනිමින් දූෂණය නම් වරද සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම එසේ පැවසීය.

සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතා කියා සිටියේ සැකකරු වසර 33 ක නිකැලැල් සේවයක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුකර විශ්‍රාම ගිය පුද්ගලයකු බවය.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී පී.ඒ.බී ආරියරත්න මහතා සිදු කරන ලද විනය පරීක්‍ෂණයකට අනුව ප්‍රශ්න ගත රියැදුරු සේවයෙන් පහකර ඇති බවත්, එම හිටපු සාමාන්‍යාධිකාරීවරයා සේවයෙන් විශ්‍රාම ගැන්වීමට දිනයක් තිබියදී මෙම විනය තීන්දුව රියදුරට ලබා දී ඇතිි බවත්,හිටපු සාමාන්‍යාධිකාරීවරයාගේ එම විනය තීන්දුව මෙම සැකකරුට ක්‍රියාත්මක කිරීමට ගියේ නම් නීති ප්‍රශ්න මතුව වන්දි ගෙවීමට සිදුවන බැවින් එසේ කර නොමැති බවත් පැවසීය.

එහිදී නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එවැනි නීතිමය ගැටලුවක් උද්ගත වූයේද යන්න විමසා සිටියේය. ඊට පිළිතුරු ලබා දුන් නීතිඥ සංජය ගමගේ මහතා කියා සිටියේ එවන් ප්‍රශ්නයක් උද්ගත නොවූ බවත්, අලාභය ගෙවීමට විනය පරීක්‍ෂණය මගින් නියෝග කොට නොතිබූ බවත්ය.

ඊට එය ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා රජයට සිදුවූ අලාභය අයකරගෙන ඇත්තේ ද? යන්න සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේ තමන්ගේ දැනුවත් වීම සඳහා පමණක් බව ප්‍රකාශ කළේය .

නීතිඥ සංජය ගමගේ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව ඇති බැවින් තම සේවා දායකයාට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ප්‍රධානය කරන ලෙසට ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය .විමර්ශන ප්‍රගතිය පෙබරවාර 20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.

 

 



අදහස් (0)

සේවයෙන් පහ කළ දුම්රිය රියැදුරා වසර 4ක් පඩිත් දී විශ්‍රාම ගන්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1924 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1533 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site